ජර්මනියේ හැම්බර්ග් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම මාසය තුළ හැම්බර්ග් නගරයේ සිදුවූ දෙවැනි මාරාන්තික වෙඩි තැබීම වන අතර, පොලීසිය සිද්ධිය පාලනය කර ඇති බව පවසයි.
කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවන බව පවසන හැම්බර්ග් පොලීසිය, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරිපත් කිරීම ප්රතික්ෂේප කළේය.