එක්සත් රාජධානියේ 5G ජාලය ගොඩනැගීමට හුවාවේ වෙත ඉඩ දෙන්නේද යන්න එරට රජය මුහුණ දී ඇති වඩාත්ම ප්‍රතිඵලදායක හා දුෂ්කර ජාතික ආරක්ෂක තීරණවලින් එකක් බව විදෙස් වාර්තා පවසයි.
මෙම තීරණය - පසුව ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී ගැනීමට නියමිතව ඇත්තේ භූ-දේශපාලනය හා ආර්ථිකයට වන පිරිවැය සමඟ සංකීර්ණ තාක්ෂණික අවදානම් සමතුලිත කිරීමේ අරමුණෙනි.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයට හුවාවේ නිෂ්පාදන වෙත යෑමට සිදුව ඇත්තේ එය සාපේක්ෂව වඩා මිලෙන් අඩු හා වඩාත් කාර්යක්ෂම සේවයක් සපයන නිසාවෙනි.
චීනය සමග එක්සත් ජනපදය පැවති වෙළෙඳ යුද්ධයත්, චීනය හුවාවේ නිෂ්පාදන හරහා වෙනත් රටවල තොරතුරු රහසේ ලබාගන්නා බවටත් පැවති මතභේදකාරී වාතාවරණය මේ වනවිට ක්‍රමයෙන් පහව යමින් පැවතීමද බ්‍රිතාන්‍යයට මෙම තීරණය වෙත යළි එලඹීමට අවස්ථාව සලසා ඇත.