හැරී කුමරු සහ මේගන් තවදුරටත් ඔවුන්ගේ රාජකීය නාමයන් භාවිත නොකරන බවත්, රාජකීය රාජකාරි සඳහා මහජන මුදල් ලබා නොගන්නා බවත් බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
ඒ අනුව, මෙම යුවළ තවදුරටත් නිල වශයෙන් රැජින නියෝජනය නොකරනු ඇති බවද කියයි.
එමෙන්ම ඔවුන්ට අයත් ෆ්‍රොග්මෝර් නිවහන අලුත්වැඩියා කිරීම සඳහා ඩොලර් මිලියන 2.4ක් වූ බදු ගෙවන්නන්ගේ මුදල් ආපසු ගෙවීමටද සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය අදහස් කරන අතර එය ඔවුන්ගේ එක්සත් රාජධානියේ පවුලේ නිවාසයක් ලෙස පවතිනු ඇත.
මෙම නව විධිවිධානය මේ වසරේ වසන්තයේ සිට ක්‍රියාත්මක වන බව මාළිගාව පවසයි.
රජ පවුලේ ජ්‍යෙෂ්ඨ රාජකීයයන් ලෙස තවදුරටත් රැඳී සිටීමට අනවශ්‍ය බව මේ මාසයේ නිවේදනය කළ මෙම යුවළගේ අනාගත කාර්යභාරය පිළිබඳව ජ්‍යෙෂ්ඨ රාජකීයයන් සඳුදා දිනයේ සිදුකළ සාකච්ඡාවන්ගෙන් පසුව මෙම ප්‍රකාශය නිකුත් විය.
මාස ගණනක සංවාදයන්ගෙන් හා වඩාත් මෑත සාකච්ඡාවලින් පසුව රැජින පැවසුවේ තම මුණුබුරා සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් ඵලදායී හා සහයෝගය දැක්විය හැකි මාර්ගයක් සොයා ගැනීම ගැන සතුටු වන බවයි.
"හැරී, මේගන් සහ ආචී සෑම විටම මගේ පවුලේ බොහෝ ආදරණීය සාමාජිකයන් වනු ඇති."
“පසුගිය වසර දෙක තුළ දැඩි පරීක්ෂාවක ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අත්විඳ ඇති අභියෝග මම හඳුනාගෙන වඩාත් ස්වාධීන ජීවිතයක් සඳහා ඔවුන්ගේ කැමැත්තට සහාය දෙනවා."
"මේ රට, පොදුරාජ්‍ය මණ්ඩලය සහ ඉන් ඔබ්බට ඔවුන් කළ කැපවීම වෙනුවෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. මේගන් මෙතරම් ඉක්මණින් පවුලෙන් කෙනෙකු බවට පත්වීම ගැන මම ආඩම්බර වෙනවා."
"අද දවසේ ගිවිසුම මගින් ප්‍රීතිමත් හා සාමකාමී නව ජීවිතයක් ගොඩනඟා ගැනීමට ඔවුන්ට ඉඩ සැලසීම මගේ මුළු පවුලේම බලාපොරොත්තුවයි." යනුවෙන් රැජින ප්‍රකාශ කළාය.
නිල හමුදා පත්වීම් ඇතුළුව රාජකීය රාජකාරිවලින් ඉවත් වීමට රාජකීය යුවළට අවශ්‍යව ඇති බව බකිංහැම් මාලිගය පැවසීය.
කෙසේ වෙතත් ඔවුන්ගේ පෞද්ගලික අනුග්‍රහය සහ සංගම් දිගටම පවත්වාගෙන යන බව මාළිගාව තවදුරටත් පැවසීය.