ගාසා තීරයේ හමාස්හි ප්‍රධානියාගේ නිවසට ඊශ්‍රායලය බෝම්බ හෙලූ අතර, ඉන් මද වේලාවකට පසු ඊශ්‍රායල දේශසීමා නගරවල රොකට් ප්‍රහාර පිළිබඳ සයිරන් නලා නාද කරන්නට පටන් ගෙන තිබේ.
සඳුදා සිට ගාසා තීරයේ ළමයන් 42දෙනෙකු ඇතුළු පුද්ගලයන් 153දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති. ළමයින් දෙදෙනෙකු ඇතුළු 10 දෙනෙකු මියගිය බව ඊශ්‍රායලය පවසයි.
වසර ගණනාවක් තුළ ඊශ්‍රායල-පලස්තීන ප්රචණ්ඩත්වය දරුණු ලෙස පුපුරා යාම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද පසුව රැස්වීමට නියමිතව තිබුණි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සියලු පාර්ශ්වයන්ට කියා සිටියේ සිවිල් හා මාධ්‍ය ව්‍යුහයන් ඉලක්ක කර ගනිමින් ඕනෑම ඉලක්කයක් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත්, ඒ සෑම ක්‍රියාවක්ම වළක්වාගත යුතු බවත්ය.
එක්සත් ජනපද ඇසෝසියේටඩ් ප්‍රෙස් සහ කටාර්හි අල් ජසීරා මාධ්‍ය මෙහෙයුම් පවත්වාගෙන ගිය ගාසා නගරයේ මහල් 12කින් යුතු ගොඩනැගිල්ලක් ඊශ්‍රායලය විසින් විනාශ කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා මෙසේ ප්‍රකාශ කිරීමට හේතු විය.
අල්-ජලා ගොඩනැගිල්ල හමාස් හමුදා කාර්යාල අඩංගු නීත්‍යානුකූල මිලිටරි ඉලක්කයක් බවත්, එම ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙස සිවිල් වැසියන්ට පූර්ව අනතුරු ඇඟවීම් ලබා දුන් බවත් ඊශ්‍රායල් හමුදාව පැවසීය.
අල්-ජලා ගොඩනැගිල්ල ඊශ්‍රායලය විසින් විනාශ කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස හමාස් සංවිධානය විසින් එක රැයකින් රොකට් ප්‍රහාර 120ක් ඊශ්‍රායලය දෙසට එල්ල කර තිබුණි.