මැද පෙරදිග හරහා හමුදා ඉලක්ක සොයා ගැනීමට හැකි වන පරිදි දියුණු චන්ද්‍රිකාවක් ඉරානයට ලබා දීමට රුසියාව සූදානම් වන බව වොෂිංටන් පෝස්ට් අනාවරණය කරයි.
රුසියාව නිපදවන කැනෝපස්-වී චන්ද්‍රිකාව අධි-විභේදන කැමරාවකින් සමන්විත වන අතර එය මාස කිහිපයක් ඇතුළත රුසියාවෙන් දියත් වීම මෙම සැලැස්ම බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ජිනීවා නුවරදී හමුවීමට දින කිහිපයකට පෙර මෙම වාර්තාව ප්‍රකාශයට පත්වීමද සාමාන්‍ය ඇමෙරිකානු න්‍යායේ ප්රවර්ධනයක් බවටද මතයක් පවතී.
විශේෂයෙන්ම ඉරානය සහ එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට බාධා කළ ඇමෙරිකානු සම්බාධක ගැනද සාකච්ඡා මේසයට ගැනීමට නියමිත පසුබිමකද මෙම අනාවරණය සිදුවෙයි.
වොෂින්ටන් පෝස්ට් වාර්තාව පෙන්වා දෙන්නේ, මෙම චන්ද්‍රිකාව මගින් පර්සියානු ගල්ෆ් තෙල් පිරිපහදුවල සහ ඊශ්‍රායල හමුදා කඳවුරුවල සිට එක්සත් ජනපද හමුදා සිටින ඉරාක බැරැක්ක දක්වා වූ පහසුකම් අඛණ්ඩව අධීක්ෂණය කිරීමට ඉඩ සලසනු ඇති බවය.
කැනොපස්-වී චන්ද්‍රිකාව සිවිල් භාවිතය සඳහා අලෙවි කරන බව සඳහන් වුවද, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නායකයින් ගිවිසුමට සාකච්ඡා කිරීම සඳහා 2018 සිට රුසියාවට සංචාර කිහිපයක්ම කර ඇති බවද පෝස්ට් පවසයි.