හොන්ඩුරාස් බන්ධනාගාරයක සිදුවූ සමූහ ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් පසුගිය සිකුරාදා රැඳවියන් 18 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
උතුරු වරාය නගරය වන ටෙලා හි බන්ධනාගාරයක ඇති වූ මෙම උණුසුම් වාතාවරණය එරට තුළ මෑතකදී ඇති වූ උණුසුම්ම තත්ත්වයකි.
සිරගෙවල් කුප්රකට ලෙස පිරී ඉතිරී යන රටේ බන්ධනාගාර ප්රචණ්ඩ රැල්ලක් ඉස්මතු වෙමින් පවතින බවට චෝදනා නැගෙයි.
ඒ අනුව, ආරක්ෂක අංශවලට පාලනය මාරු කරමින් රජය බදාදා බන්ධනාගාර පද්ධතියේ හදිසි තත්වයක් ප්රකාශයට පත් කර තිබුණි.
හමුදා නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට කියා සිටියේ ප්රචණ්ඩත්වය පුපුරා යාමට පෙර ඔවුන් තෙලාහි බන්ධනාගාරය විධිමත් ලෙස පාලනය කර නොගත් බවයි.