ඉන්දියාවෙන් දරුකමට හදාගත් තුන් හැවිරිදි දැරියක ඝාතනය කළේ යැයි ඇයගේ භාරකාරත්වය ලබාගත් ඇමෙරිකානු පියෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වී තිබේ.
වෙස්ලි මැතිව්ස් නමැති මෙම පියාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා රැසක් ගොනුවී තිබුණු අතර, එම චෝදනාවන්ට වැරදිකරු වූ ඔහු මෙය අත්වැරැද්දක් බව පවසමින් දඬුවම ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.
ෂෙරීන් මැතිව්ස් නමැති මෙම දැරිය 2017 ඔක්තෝබර් මාසයේදී ඇය ජීවත් වූ ටෙක්සාස් නිවසින් අතුරුදන්ව තිබුණු අතර, ඇය සෙවීම සඳහා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් එකල දියත් කෙරිණි.
ඇය කිරි බෝතලය පානය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා දඬුවමක් ලෙස ඇයව නිවසින් පිටත රඳවා තිබියදී දැරිය අතුරුන් වූ බව චූදිතයා මුලින් සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත්, ඊට සති දෙකකට පසුව දියණියගේ මළ සිරුර කුණුවක තිබියදී සොයා ගැනීමත් සමග දැරිය අත්වැරැද්දකින් හුස්ම හිරවීමකට ලක්වූ බව පවසා සිටියේය.
කෙසේ වෙතත්, මරණ පරීක්ෂණයේදී මෙවැනි දරුවෙකුට අත්වැරැද්දකින් හුස්ම සිරවීමක් සිදුවිය නොහැකි බවත්, මෙය මනුෂ්‍ය ඝාතනයක් බවත් ඔප්පු වීමත් සමග ඔහුට එරෙහි දඬුවම් පැමිණ විණි.
මෙම දැරිය දරුකමට හදාගත් මව හෙවත් මෙම තැනැත්තාගේ බිරිඳ දරුවා පිළිබඳ සොයා නොබැලීමේ වරදට මුලින්ම අත්අඩංගුවට පත්වුවත්, මෙම මරණයට ඇය සම්බන්ධයක් නොමැති බැවින් ඇය නිදහස් කෙරිණි.