හොංකොං රාජ්‍ය තුළ ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වීමත් සමග තවත් දිනයක් තුළ පෙර පාසල් ඇතුළු සියලුම පාසල් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව, බ්‍රහස්පතිනිදා දිනයේදීද හොංකොං හි සියලු පාසල් හා අධ්‍යාපන ආයතන වසා දැමෙනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට අධ්‍යාපන අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ බදාදා දිනයේදී රට තුළ උද්ගත වූ ගැටුම්කාරී වාතාවරණය පාසල් දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට සැක කරමිනි.
මේ අතර, හොංකොං හි පිහිටි චීන විශ්වවිද්‍යාලයද සිය දේශන බ්‍රහස්තපතින්දා දිනයේදී අත්හිටුවන බව දැනුම්දී ඇති අතර, බදාදා දිනයේදී විරෝධතාකරුවන් පොලීසිය සමග ඉතා දරුණු ගැටුම් ඇති කරගෙන තිබුණි.