හොංකොං නායිකා කෙරී ලැම් විවාදයට තුඩුදී ඇති සැකකරුවන් පිටුවහල් කිරීමේ නීති කෙටුම්පත් ඉවත් කරගැනීමට සූදානම් වෙයි.
චීනයේ අවශ්‍යතා මත මෙම නීති කෙටුම්පත ඉදිරිපත් කළ හොංකොං නායිකාව, ඉන් අනතුරුව මාස කිහිපයක් දිගින් දිගටම දැවැන්ත ජනතා උද්ඝෝෂණ ව්‍යාපාරයකට මුහුණ දුන්නාය.
පසුගිය අප්‍රේල් මාසයේදී මෙම යෝජනාව හඳුන්වාදුන් අතර, එහිදී චෝදනා ලැබූවන්ගේ නීතිමය කටයුතු සඳහා ඔවුන් චීනය වෙත පිටුවහල් කිරීමට බලය පැවරෙයි.
කෙසේ වෙතත්, ඇති වූ උද්ඝෝෂණ රැල්ල සමග පසුගිය ජුනි මාසයේ සිට මෙම යෝජනාවලිය අත්හිටවනු ලැබූවත්, එය සම්පූර්ණයෙන් ඉවත්කර ගැනීමක් සිදු නොවීය.
මේ හේතුව නිසාම දිගින් දිගටම උද්ඝෝෂණ ඇදී ගිය අතර, අවසානයේදී ඇය රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් මේ පිළිබඳ ඉඟියක් කළාය.