ඉන්දියාවේ සෞදි රාජතාන්ත්රිකයෙකු දිල්ලියෙහි වූ සිය නවාතැනේදී එහි සේවය කළ නේපාල ජාතික ගෘහ සේවිකාවන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපරාධයක් කර ඇති බව බී.බි.සී.ය කියයි.
රාජ්ය නොවන සංවිධානයකට ලැබුණු තොරතුරක් මත ක්රියාත්මක වූ පොලීසිය එම නවාතැනේ සිටි කාන්තාවන් දෙදෙනා බේරාගෙන ඇති බව වාර්තා වෙයි.
අදාළ රාජතාන්ත්රිකයාගේ පවුලේ අය විසින් මෙම කාන්තාවන් දෙදෙනා එම නිවසේ හිර කරගෙන තබාගෙන සිට ඇති අතර, ඔවුන්ගේ පවුලේ ඥාතීන් හා තවත් සෞදි ජාතිකයන් විසින් වරින්වර ඔවුන් ලිංගික වහල් සේවයේ යොදවා ඇති බවද කියයි.
කෙසේ වෙතත්, සෞදි තානාපති කාර්යාලය මෙම චෝදනා ප්රතික්ෂේප කරන අතර, වයස අවුරුදු 30ක හා 50ක වයසේ සිටින කාන්තාවන් වෙනත් රැකියාවක් පෙන්වා මෙසේ මෙහෙකාර සේවයට ගෙන්වාගෙන ඇති අයවලුන් බව කියයි.