සම්බාබ්වේ රාජ්‍ය තුළ රාත්‍රී කාලයේ සිදුවූ හදිසි වැටලීමකදී කාන්තාවන් ආරක්ෂක අංශ අතින් අමානුෂික ලෙස දූෂණයට ලක්ව ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම් වහාම පොලීසියට වාර්තා කිරීමට කටයුතු කරන ලෙස එම කාන්තාවන්ගෙන් එරට තොරතුරු අමාත්‍යවරිය බලවත් ඉල්ලීමක් කර තිබේ.
මෙසේ දූෂණයට ලක්වූ කාන්තාවන් 6 දෙනෙකු සමග පසුගියදා බී.බී.සී.ය කතාබහ කර තිබුණි.
එහිදී, මාධ්‍යවේදියා පවසා තිබුණේ පොලීසිය සම්බන්ධයෙන් විශ්වාසයක් ජනතාව තුළ නොමැති නිසා ඔවුන් පොලීසිය වෙත නොයන බවයි.
විශේෂයෙන්ම, මෑතකදී එරට ඇති වූ උද්ඝෝෂණ මැඬපැවැත්වීම වෙනුවෙන් සිදුකළ පහරදීම්වලදී පොලීසියද ඊට සම්බන්ධ වීම මෙම සැකය ඔඩුදිවීමට හේතු වී ඇත.
මෙහිදී, එක් කාන්තාවක පවසා තිබුණේ ආරක්ෂක අංශ පැමිණ මුලින්ම ඇයට පහරදුන් බවයි. ඔවුන්ට තමා සමග ලිංගිකව එක්වීමට අවශ්‍ය බව කියූ විට, තමා ප්‍රතික්ෂේප කිරීමේදී තවත් වරක් පහරදුන් බව ඇය කියයි. එහිදී, සෙබලු කිහිප දෙනෙකු අතින් ඇය අතවරයට පත්ව තිබේ.