යුරෝපයේ වඩාත් සක්‍රීයම ගිනි කන්ද ලෙස සැලකෙන සිසිලයේ එට්නා ගිනි කන්ද ආශ්‍රිතව රික්ටර් පරිමාණ 4.8ක භූ කම්පනයක් සිදුව ඇති බවත්, මින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉතාලි මාධ්‍ය පවසයි.
පසුගිය සඳුදා දිනයේදී මෙම ගිනි කන්ද සක්‍රීය වීමත් සමග කම්පන කිහිපයක්ම ඇතිව තිබෙන අතර, ගොඩනැගිලි කිහිපයකට අලාභානි සිදුව ඇති බවද කියයි.
එමෙන්ම, යමහල්අළුවලින් අසල ප්‍රදේශ වැසීගොස් ඇති අතර, කැටනියා ගුවන් තොටුපොළ වෙත පැමිණෙන හා පිටත්වන යානා තාවකාලිකව අවලංගු කිරීමටද බලධාරීන් කටයුතු කර ඇත.
මේ අතර, කඳුකරව ජීවත්වන ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත හැකි ඉක්මනින් යන ලෙසද අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
එරට වේලාවෙන් අද (26දා) අලුයම 3.19ට පමණ මෙම භූ කම්පනය ඇතිවී තිබෙන අතර, මින් භීතියට පත් ජනතාව සිය නිවෙස්වලින් පිටතට පැමිණ එළිමහනේ රාත්‍රිය ගතකර ඇති බව ඉතාලි මාධ්‍ය වැඩිදුරටත් පවසයි.