ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් මීට වසර හතරකට පෙර ලෝකයට අලුතින්ම බිහිවූ දූපතක ජීවයේ සලකුණු දැනටමත් දැකගත හැකි බව විද්‍යාඥයෝ පවසති.
හුන්ගා ටොන්ගා-හානුගා හාඅපායි ලෙස හැඳින්වෙන මෙම අලුත් දූපත ටොංගා රාජ්‍යයට අයත් වෙයි.
මේ වනවිට මෙම දූපතේ හරිත වර්ණයෙන් යුතු ශාඛ වැල් සමග රෝස පැහැ මල් මෙන්ම, කුරුළු විශේෂ ලෙස සාගරය ආශ්‍රිතව ජීවත් වන සූටි ටර්න් සහ බස්සන් දැකගත හැකි වූ බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඔස්ට්‍රේලියාවට නැගෙනහිරින් පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා රාජ්‍ය දූපත් 170කින් පමණ සුසැදි දූපත් රාජ්‍යයකි.
මීට පෙර චන්ද්‍රිකා තාක්ෂණයෙන් පමණක් නිරීක්ෂණය කෙරුණු මෙම දූපත වෙත පසුගිය වසරේ අගභාගයේදී විද්‍යාඥයන් පිරිසක් පැමිණ සිදුකළ නිරීක්ෂණවලින් පසුව මෙම තොරතුරු වාර්තා කර තිබේ.