ස්වීඩන් අගමැති ස්ටෙෆාන් ලොෆ්වෙන් වෙත එරට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ දෝෂාභියෝගයෙන් ඔහු පරාජයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, අගමැතිවරයාට සිය ධුරයෙන් ඉවත්වීමට සිදුවනු ඇති අතර, අද (25දා) පාර්ලිමේන්තුවේදී පැවිත ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 204 දෙනෙකු අගමැතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඔහුට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරු 142 දෙනෙකු පමණි.
සති කිහිපයකට පෙර ස්වීඩනයේ පැවති මහ මැතිවරණයෙන් කිසිවෙකුට පැහැදිලි බහුතරයක් හිමි නොවීම නිසා ඇති වූ එල්ලෙන ආණ්ඩුවේ අගමැති බලයෙන් පහ කිරීමේ දෝෂාභියෝගය ගෙනඒමට මෙවර මැතිවරණයේදී කැපී පෙනෙන ආසන සංඛ්‍යාවක් හිමි කරගත් සංක්‍රමණ විරෝධී ස්වීඩන් ඩිමොක්රටික් පක්ෂය කටයුතු කර තිබුණි.
ඒ අනුව, ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙකු නම් කරනු ඇති අතර, මේ සඳහා සති කිහිපයක් ගතවනු ඇති බවද සඳහන් වෙයි. නව අගමැතිවරයා නම් කෙරෙන තුරු ස්ටෙෆාන් තාවකාලිකව සිය ධුරයේ රැඳී සිටිනු ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.