සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සිව්වැනි වරටත් එරට ජනාධිපති ධුරයට තේරීපත්ව ඇත්තේ පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් 95.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.
යුද්ධයෙන් විනාශ වූ රටක් සම්බන්ධයෙන් තම පාලනය ජනතාව විශ්වාස කර ඇති බව අසාද් පවසා සිටියත්, ඔහුගේ විරුද්ධවාදීන් සහ බටහිර පවසන්නේ එය වංචාවෙන් ලැබූ ජයග්‍රහණයක් බවයි.
දශක ගණනාවක් පුරා පැවති ගැටුම නොතකා සිරියාව සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන බව අසාද්ගේ රජය පවසයි. මෙම ගැටුම්කාරී තත්ත්වය සිරියාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මරා දමා, මිලියන 11ක ජනතාවක්, එනම් ජනගහනයෙන් අඩකට පමණ උන්හිටි තැන් අහිමි කර ඇත.
පාර්ලිමේන්තු ප්‍රධානී හම්මුඩා සබ්බාග් ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 78%ක් පමණ වන අතර මිලියන 14කට අධික සිරියානු ජාතිකයින් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.