වයඹදිග සිරියාවේ සිරියානු රජයේ හමුදා විසින් එල්ල කරනලද ගුවන් ප්‍රහාරයකින් තුර්කි සොල්දාදුවන් 33 දෙනෙකු මිය ගොස් ඇති බව තුර්කි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
ඉඩ්ලිබ් පළාතේ සිදුවූ ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව තුර්කියේ හැටේ පළාතේ ආණ්ඩුකාර රහ්මි ඩෝගන් පැවසීය.
තුර්කියද තමන් සිරියානු රජයේ ඉලක්කවලට මේ ආකාරයෙන් පහර දුන් බව පිළිගෙන තිබේ.
සිරියාවේ ප්‍රධාන ආරක්ෂක සගයා වන රුසියාව කියා සිටියේ තුර්කි හමුදා සිරියානු හමුදාවන්ට පහර දෙන විට ජිහාඩ් සටන්කරුවන් සමඟ ක්‍රියාත්මක වූ බවයි.