ඇක්වේරියස් නෞකාවෙන් බේරාගෙන පැමිණි සරණාගතයන් 630 දෙනා අවසානයේදී ස්පාඤ්ඤය භාරගැනීමට කැමැත්ත පළ කිරීමත් සමග එම නෞකාව වැලන්සියා වෙරළ කරා ඇදෙමින් පවතියි.
මධ්‍යධරණී මුහුදේදී මෙම සරණාගතයන් පැමිණි යාත්‍රාවලින් ඔවුන් බේරාගැනීමට ඇක්වේරියස් නෞකාව කටයුතු කළ අතර, පසුව ඔවුන් ඉතාලිය වෙත ඔවුන් රැගෙන යාමට උත්සාහ කළත් ඉතාලියේ සියලුම වරායන් එම නෞකාවට වසා දමමින් සරණාගතයන් භාරගැනීම ප්‍රතික්ෂේප කළේය.
යුරෝපා සංගමයේ රාජ්‍යයක් ලෙස තමන්ට තනිව මීට මුහුණදිය නොහැකි බවත්, සෙසු රාජ්‍යයන්ද මේ සඳහා කැපවිය යුතු බවත් පවසමින් ඉතාලිය මෝල්ටාව වෙත මොවුන් රැගෙන යන ලෙස පැවසීය.
නමුත්, මෝල්ටාවද ඔවුන් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා සතියකට ආසන්න කාලයක් නෞකාව තුළ රැඳී සිටීමට සරණාගතයන්ට සිදුවිය.
අවසානයේදී මෙම මතභේදකාරී වාතාවරණය හමුවේ ප්‍රංශය ජනපතිවරයාගේද මැදිහත්වීම මත ඔවුන් ස්පාඤ්ඤය වෙත රැගෙන ඒමට තීරණය කළ අතර, සරණාගතභාවය ලැබීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන පිරිස් ප්‍රංශය වෙත ගෙන්වා ගන්නා බවද ජනපති මැක්රෝන් පවසා තිබුණි.
එමෙන්ම, ස්පාඤ්ඤයේ නව සමාජවාදී පක්ෂයද මෙහිදී මානුෂීය මුහුණුවරකින් ඔවුන් දෙස බලමින් සරණාගතයන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපිරීමට සූදානමින් සිටින බව කියයි.
මෙම නෞකාවේ වයස 18 නොඉක්මවූ 123ක්, වයස 13ට අඩු දරුවන් 11ක් සහ සහ ගැබිණි මවුවරු 7 දෙනෙකුද සිටින බව විදෙස් වාර්තා පවසයි.