රියුගු ග්‍රාහකයේ තොරතුරු සොයාගිය ජපානයේ හයබූසා-2 අභ්‍යවකාශ යානය යළිත් පෘථිවිය කරා පැමිණීමට ගමන් අරඹා තිබේ.
බදාදා දිනයේදී එම ග්‍රාහකයේ කක්ෂයෙන් නික්ම මෙම යානය යළි පෘථිවිය බලා ගමන් ගැනීම ආරම්භ කර තිබුණේ, එහි වූ පස් සාම්පලද රැගෙනය.
මෙම යානය 2020 අග භාගය වනවිට පෘථිවිය වෙත ළඟාවනු ඇති බව ජපාන විද්‍යාඥයන් පවසන අතර, මෙය වසර කිහිපයක් පුරා ඇදී ගිය දැවැන්ත අභ්‍යවකාශ මෙහෙයුමකි.
ජපාන අභ්‍යවකාශ ඒජන්සිය වන ජැක්සා පවසන්නේ, මෙම ග්‍රාහකයෙන් රැගෙන ආ සාම්පල මගින් සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය පිළිබඳව පැහැදිලි සාක්ෂියක් සපයා ගැනීමට හැකිවනු ඇති බවයි.
සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භක යුගයේ කැඩීගිය කොටසක් ලෙස සැලකෙන මෙම ග්‍රාහකය වෙතට පසුගිය වසරේ ජුනි මාසයේදී ළඟාවිය.