ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර පැවති දෙවැනි හමුව සම්බාධක ඉවත්කිරීම සම්බන්ධ ගැටලුවක් මුල් කරගෙන එකඟතාවකින් තොරව අවසන්ව තිබේ.
නායක දෙපළ අතර වියට්නාමයේ, හැනෝයි නුවරදී පැවැති හමුවෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ ට්‍රම්ප් කියා සිටියේ, සම්බාධක හේතුවෙන් එකඟත්වයකට නොපැමිණි බවයි.
උතුරු කොරියාව ඔවුන්ගේ සියලු සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළ බවත්, ඇමෙරිකාවට මේ අවස්ථාවේදී එසේ කළ නොහැකි බවත් ට්‍රම්ප් කියා සිටියේය.
කෙසේ වෙතත්, න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගැන නායක දෙපළ ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
ඇතැම් අවස්ථාවල මෙවැනි පසුබැසීම් සිදුවන බව පවසන ට්‍රම්ප් මෙයද එවැනි අවස්ථාවක් බව සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, තෙවැනි හමුවක් සම්බන්ධයෙන් සැලසුමක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම, මෙම සාකච්ඡාව අවසානයේදී ද්වීපාර්ශ්වික එකඟතා ගිවිසුමකට අත්සන් තැබීමක්, නායක දෙපළ හා සෙසු නායකයන් එක්ව දිවා භෝජනය ගැනීමක් න්‍යාය පත්‍රයේ තිබුණද, සාකච්ඡා බිඳ වැටීමත් සමග ඒ සියල්ල අවලංගු කෙරී තිබුණි.
සාකච්ඡා බිඳ වැටීම කනගාටුදායක තත්ත්වයක් බව පවසා සිටි දකුණු කොරියාව, වැඩිදුරටත් විශ්වාස කරන්නේ ඉදිරියේදී ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර වඩාත් සාර්ථක සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවය.