ස්පාඤ්ඤයේ පාලක පක්ෂය වන වාමාංශික පක්ෂය මෙවර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත් වසර හතරක් තුළ එරට පැවති තෙවැනි මැතිවරණයෙන් අති බහුතරයක් දිනාගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැත.
එරට වත්මන් අගමැති පේඩ්‍රෝ සැන්චේස් මැතිවරණයෙන් 29%ක ප්‍රතිශතයක් ලබා ඇති අතර, ඔවුන්ට රජයක් පිහිටුවීඹ සඳහා වාමාංශික පොඩේමෝස් සහ සෙසු පක්ෂ හෝ මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයේ සහාය ලබාගැනීමට සිදුවෙයි.
1970 වසරින් පසුව ප්‍රථම වරට අන්ත දක්ෂිණාංශික වොක්ස් පක්ෂය එරට මැතිවරණයේ වැඩි බලාපොරොත්තුවක් ඇති කළ පක්ෂයක් ලෙස මෙවර තරග කර තිබුණි. ඔවුන්ට පාර්ලිමේන්තුවට ඇතුළු වීමට අවස්ථාවක් උදා වුවත්, රජයක් පිහිටුවීමට අවස්ථාවක් නොමැති බව වාර්තා වෙයි.
එමෙන්ම, 2018 මැයි දක්වා එරට පාලනය කළ ජනතාවාදී පක්ෂයට මෙවර මැතිවරණයෙන් අන්ත පරාජයක් අත්වී ඇත. ඔවුන් මැතිවරණය ඉතිහාසයේ ලැබූ දරුණුතම පරාජය ලෙස මෙය සැලකෙයි.