ස්පාඤ්ඤය තුළ මෝටර්රථ අනතුරු අවම කිරීමේ අරමුණින් ප්‍රධාන මංමාවත්වල පැයට කිලෝමීටර් 100කට පැවති ධාවනය පැයට කිලෝමීටර් 90 දක්වා අඩු කර තිබේ.
මෙම ක්‍රියාවලිය වෙනුවෙන් රටේ මංමාවත්වල ඇති මාර්ග සංඥා පුවරු 2700ක් වෙනස් කිරීම වෙනුවෙන් ඇ.ඩො.ලක්ෂ 6ක මුදලක් වැය කර ඇත.
විශේෂයෙන්ම, යුරෝපා සංගමයට අයත් රටවල මාර්ග අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව මිලියනයකට, 30ක් දක්වා අඩුකිරීමේ තත්ත්වයට අනුගත වීම වෙනුවෙන් ස්පාඤ්ඤය මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර, ජර්මනියද මංමාවත් වෙත නව වේග සීමාවන් ලබාදීම වෙනුවෙන් සලකා බැලීමක් කළත්, එරට වැඩි අවධානයක් යොමුව ඇත්තේ හරිතාගාර වායු විමෝචනය අවම කරමින් හරිත සංකල්පයේ වාහන සඳහා ප්‍රමුඛත්වය ලබාදීම වෙනුවෙනි.
කෙසේ වෙතත්, යුරෝපා සංගමයට අයත් රටවල මාර්ග අනතුරු අවම කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජර්මනියද සිටියි.