කුලප්පු වූ ගොනෙකු ඉදිරියෙන් දිව යමින් මධ්‍යම ස්ථානයේ සැණකෙළියක විනෝද වූ පුද්ගලයෙකු එම ගොනා ඇනීමෙන් දිවි අහිමි වී ඇති පුවතක් වාර්තා වෙයි.
සියුඑලාර් ප්‍රදේශයේ පැවති කුලප්පු වූ ගොනෙකු ඉදිරියෙන් දිවයාමට සහභාගී වූ 62 හැවිරිදි පුද්ගලෙයකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම පුද්ගලයාගේ පපු ප්‍රදේශයට සහ ගෙල ප්‍රදේශයට එම ගොනා දරුණු ලෙස උගේ අං යොදා ගනිමින් පහරදී ඇති අතර, ඔහු බේරාගැනීමට වෛද්‍යවරුන්ට අවස්ථාව නොලැබී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සඳහන් කර තිබුණේ, මෙම පුද්ගලයා සැබෑ ලෙසම අදාළ ගොන්පොරය සමග ක්‍රීඩාවේ යෙදුණු අයෙකු නොවන බවයි.
ඔහු නරඹන්නෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගී වී අවසාන මොහොතේදී ගොනා දිව එනවිට පිටිය මැදට පැමිණ දිව යෑමට උත්සාහ කිරීමේදී මෙසේ ගොනාගේ පහර කෑමට ලක්ව ඇති බවයි.
ඔහු සමග තවත් නරඹන්නෙකු මෙම මුග්ද ක්‍රියාවට සම්බන්ධ වුවත්, ඔහු අසල වූ තාප්පයකට ගොඩවීමෙන් දිවි ගලවාගෙන ඇති බව කියැවෙයි.
මෙවැනි ගොන්පොරවලට විශාල ප්‍රසිද්ධියක් උසුලන ස්පාඤ්ඤයේ මෙම වසර තුළ ගොනුන් පහරදීමේන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඔවුන්ගේ මෙම ගොන්පොර සත්ත්ව අයිතීන් සුරැකීමේ සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර, ඔවුන්ට අනුව කුලප්පු වූ ගොනෙකු ඉදිරියෙන් තරගයට දිවයන්නේ තවත් ගොනෙකු මිස මොළයක් ඇති මනුෂ්‍යයෙකු නම් නොවේ.