උතුරුදිග යේමනය වෙත සෞදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ හමුදා එල්ල කරනලද ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් රැසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම දරුවන් සාදා පළාතේ, දහ්යාන් වෙළෙඳ ප්‍රදේශය පසුකර බස් රථයකින් ගමන් කරමින් සිටියදී ගුවන් ප්‍රහාරයට ලක්ව ඇත.
හොයුතු සටන්කාමීන්ගේ පාලනයේ පවතින සෞඛ්‍ය අංශ පවසා සිටියේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. ඉන් බොහෝ දෙනා වයස අවුරුදු 10ට අඩු දරුවන් බව රතුකුරුස සංවිධානය පවසයි.
හොයුතු සටන්කාමීන් සමග යුද්ධයක පැටලී සිටින යේමන රජයට සහාය දක්වන සෞදි ඒකාබද්ධ හමුදා පවසන්නේ ඔවුන් ජාත්‍යන්තර සහ මානුෂීය නීතියට යටත්ව සිය ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි.
එමෙන්ම, ඔවුන් කිසිසේත්ම හිතාමතා සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකරන බව සෞදිය ප්රමුඛ ඒකාබද්ධ හමුදාව පවසා සිටියත්, පසුගිය කාලය පුරා වෙළෙඳ සැල්, පාසල්, රෝහල් සහ ජනාකීර්ණ ප්‍රදේශ වෙත ඔවුන් ප්‍රහාර එල්ල කළ බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.