මේ වනවිට ලොව පුරා මාධ්‍යවල ප්රමුඛ සිදුවීමක් බවට පත්ව ඇති සෞදි අරාබියේ ඛනිජ තෙල් පරිශ්‍ර වෙත එල්ල වූ ප්‍රහාරවල මිසයිල සුන්බුන් අනුව එය යේමනයේ සිට දියත් කෙරුණක් නොවන බව පැවසෙයි.
සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යංශය ඩ්‍රෝන යානා සහ කෘස් මිසයිල විසින් එල්ල කරන ලද ප්‍රහාර සඳහා ඉරානයේ මැදිහත් වීමත් පවතින බවට යළිත් චෝදනා කරයි.
එහිදී, යේමනයෙන් නොවන දිශාවකින් ඩ්‍රෝන යානා ප්‍රහාර 18ක් සහ කෘස් මිසයිල 7ක් එල්ල කෙරුණු බව සඳහන් කරයි.
කෙසේ වෙතත්, යේමනයේ ක්‍රියාත්මක හොයුතු සටන්කරුවන් එය තමන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බවට මුලින්ම භාරගනු ලැබිණි.
එමෙන්ම, මෙම ප්‍රහාර සඳහා තමන්ගේ කිසිදු මැදිහත්වීමක් නොමැති බව ඉරානය කියා සිටියේය. කෙසේ වෙතත්, මෙය ඉලක්ක කරමින් තමන්ට එල්ල විය හැකි ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර ලබාදීමට පසුබට නොවන බවද ඉරානය කීය.
මෙම ප්‍රහාර යුද ප්‍රහාරයක් ලෙස සෞදි අරාබියේ සංචාරයක් ඇරඹි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කියා තිබුණි.