ජපානයේ, ටෝකියෝ දුම්රියකදී අද (06දා) එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10දෙනෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා පාපොච්චාරණය කර ඇත්තේ සතුටින් සිටින කාන්තාවන් දුටුවිට තමාට කෝපයක් ඇතිවන බවත්, ඔවුන් මරා දැමීමට උත්සාහ කළ බවත්ය.
ටෝකියෝවේ බටහිර ප්‍රදේශයේ ඔදක්යු හිදී එරට වේලාවෙන් අද රාත්‍රී 8.40ට මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, ප්‍රහාරය එල්ල කළ 36 හැවිරිදි පුද්ගලයා ටෝකියෝවේ වෙනත් ප්‍රදේශයකදී අත්අංඩගුවට පත්ව ඇත.
ප්‍රහාරයෙන් එක් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් බරපතල ලෙස තුවාල ලැබූ අතර, සෙසු අයට සුළු තුවාල සිදුව තිබේ.