එංගලන්තයේ සත්කාරක නිවාසවල කාර්ය මණ්ඩලයට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාගැනීම අනිවාර්ය වන බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසයි.
හැන්කොක් පෙන්වා දුන්නේ මෙය සංවේදී හා සාධාරණ පියවරක් වන අතර, එය එංගලන්තයේ සියලු කාර්ය මණ්ඩල වෙත ව්‍යාප්ත කිරීම පිළිබඳවද සාකච්ඡා කරන බවත්ය.
එනමුදු සෞඛ්‍ය හා සත්කාර සේවකයන්ගෙන් ඔබ්බට අනිවාර්ය එන්නත් ලබාගැනීම පිළිබඳ නීති පැනවීමට කිසිදු සැලසුමක් නොමැති බව ඔහු පැවසීය.
එරට පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද රෙගුලාසි යටතේ සෞඛ්‍ය හා සත්කාරක ක්ෂේත්රයේ කම්කරුවන්ට එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමට සති 16ක කාලයක් තිබේ.
ඔවුන් එසේ නොකරන්නේ නම්, ඔවුන්ට ඉදිරි පෙළ රැකවරණයෙන් ඉත්වීමට හෝ රැකියාව අහිමි වීමට ඉඩ තිබේ.
හැන්කොක් පාර්ලිමේන්තුවට පැවසුවේ රැකවරණ නිවාසවල කාර්ය මණ්ඩලයේ අතිමහත් බහුතරයට එන්නත ලබාදී ඇති නමුත් මෙතෙක් සියල්ලන්ටම එන්නත් ලබාදී නොමැති බවයි.
"මේ එන්නත ඔබව ආරක්ෂා කරනවා පමණක් නොව ඔබ අවට සිටින අයද ආරක්ෂා කරන බව අපි දන්නවා" යනුවෙන් ඔහු පැවසීය.