වික්ටෝරියානු නගරයක් වන වොලන් අසලදී සිඩ්නි සිට මෙල්බර්න් දක්වා අධිවේගී දුම්රියක් පීලි පැනීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරෙන් තවත් මගීන් කිහිප දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබන බව හදිසි සේවා අංශ පවසයි. එහිදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එක් පුද්ගලයෙකු මෙල්බර්න් හි රෝහලකට ගුවන් ගත කර ඇත.
සම්පූර්ණයෙන්ම පීලි පැන ඇති මැදිරි ගණනාවක් ඡායාරූපවලින් දැකගත හැකි අතර, දුම්රිය පීලි පැනීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැත. කෙසේ වෙතත් මෙම අනතුරින් මැදිරි 5ක් පමණ පිලි පැනීමකට ලක්ව ඇති බව කියයි.
මෙල්බර්න් නගරයට කිලෝමීටර් 45ක් උතුරින් පිහිටි එරට වේලාවෙන් රාත්‍රී 7:50 ට පමණ දුම්රිය පිලිපනින අවස්ථාවේදී එහි මගීන් 160ක් පමණ ගමන් කරමින් සිට ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.