අත්අඩංගුවේ පසුවූ ගුරුවරයෙකුට වධහිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ නිලධාරීන් 29 දෙනෙකුට සුඩාන අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
එවකට ජනාධිපති ඕමාර් අල් බෂීර්ගේ රජයට එරෙහි විරෝධතාවලට සහභාගී වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු 36 හැවිරිදි අහමඩ් අල්-කයිර් නමැති ගුරුවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
අපේ‍්‍රල් මාසයේ දී බෂීර් රජය පෙරළා දැමීමට මාස කිහිපයකට පෙර සිදුවූ ප්රජාතන්ත්රවාදී ගැති කි‍්‍රයාකාරීන්ට එරෙහි මර්දනය සම්බන්ධයෙන් වත්මන් පාලනය සමයේ ලබාදුන් පළමු වැනි තීන්දුව මෙයයි.
මරණ දඬුවම සාධාරණ දඬුවමක් බව පැමිණිල්ලේ සඳහන් වූ අතර, දඬුවම ප්‍රකාශ කිරීමෙන් පසුව විනිසුරුවරයා අල්-කයිර්ගේ සහෝදරයා වන සාද්ගෙන් විමසා සිටියේ මෙම මිනිසුන් 29 දෙනාට සමාව දීමට ඔබට අවශ්‍යද යන්නයි. නමුත් ඔහු කියා සිටියේ ඔවුන් ඝාතනය වීම තම අභිලාෂය බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බව විත්තියේ නීතීඥයන් පවසා සිටියේය.
නැගෙනහිර කස්සලා ප්‍රාන්තයේ රැඳවුම් මධ්‍යස්ථානයක දී අහමඩ් අල්-කයිර්ට නිලධාරීන් විසින් පහර දී වධ හිංසා පමුණුවා ඇති බව අධිකරණය විසින් අනාවරණය කරගන්නා ලදී.