සංචාරක වීසා මත තායිවානයට පැමිණ අතුරුදන්ව සිටින පුද්ගලයන් 152දෙනෙකු සොයා එරට ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
පසුගිය දෙසැම්බර් 21 සහ 23 යන දිනවලදී දකුණුදිග කාඕහ්සියුන්ග් නගරයෙන් මෙම පිරිස තායිවානයට ඇතුළු වී ඇති අතර, ඉන් එක් අයෙකු හැර අනෙක් සියලු දෙනා මේ වනවිට අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
තායිවාන මාධ්‍ය පවසන්නේ මෙම පිරිස නීතිවිරෝධී ලෙස තායිවානය තුළ රැකියාවන්හි යෙදීම සඳහා මෙසේ පැමිණ ඇති බවයි.
තායිවානයේ සංචාරක ව්‍යාපාරය නැංවීම අරමුණු කර ගනිමින්, වියට්නාමය ඇතුළු ආසියානු රටවල් කිහිපයක වීසා ගාස්තු අවලංගු කිරීමට පසුගියදා තායිවානය කටයුතු කරන ලද අතර, මේ තත්ත්වය තුළ මෙසේ අනවසරයෙන් ඇතුළුවන පුද්ගලයන්ද පැමිණ ඇති බව බලධාරීහු පවසති.