බඩවැලේ සිදුකළ සැත්කමෙන් පසු පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වතිකානුව පවසයි.
එහිදී ශල්‍යකර්මයෙන් පසුව සිදුකළ සාමාන්‍ය පරීක්ෂණවල ප්‍රතිඵලද යහපත් බව වතිකානු ප්‍රකාශක මැටියෝ බෘනි පැවසීය. ඒ අනුව පාප්තුමා පසුදා උදේ ආහාරය ගෙන පුවත්පත් කිහිපයක් කියවූ බවද හෙතෙම සඳහන් කළේය.
84 හැවිරිදි පාප්තුමා සිය බඩවැලේ කොටසක් ඉවත් කිරීම සඳහා ඉරිදා රාත්‍රියේ පැය තුනක සැත්කමකට භාජනය විය. ඔහු සංකූලතා වළක්වා ගැනීම සඳහා ශල්‍යකර්මයෙන් පසු දින හතක් රෝමයේ ජෙමෙලි රෝහලේ රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.