ඉන්දියාවේ ප්‍රකට හින්දු දේවාලයක් වෙත කාන්තාවන්ට ඇතුළු වීමට අවසර ලබාදෙන ලෙස අධිකරණ නියෝගයක් තිබියදීත්, ඊට කාන්තාවන්ට ඇතුළු වීමට නොදීමට ප්රකෝපකාරී හින්දු භක්තිකයන් පිරිසක් කටයුතු කර තිබේ.
කේරලයේ සාබාරිමාලා හින්දු දේවාලය ලෙස මෙසේ පැමිණි බොහෝ පිරිසක් වෙත මෙම පිරිස බාධා කර ඇති අතර, ඒ අනුව වැඩි දේවාලයට නොගොස් ආපසු හැරී පිටව ගොස් ඇති බව කියයි.
මෙම ප්රකෝපකාරී උද්ඝෝෂණය හමුවේ වයෝවෘද්ධ කාන්තාවක ඇතුළු කාන්තාවන් කිහිප දෙනෙකුම තුවාල ලබා ඇති අතර, ඔවුන් පැමිණි වාහනවලට උද්ඝෝෂකයන් ගල් මුල්වලින් පහරදී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඔසප් වූ කාන්තාවන් හින්දු දේවාල තුළට කැඳවීම නොකළ යුත්තක් බව හින්දූන්ගේ මතය වන අතර, ඒ නිසාම ඔවුන්ගේ ආගමික ස්ථාන වෙත එවැනි තත්ත්වයක කාන්තාවක ඇතුළු කර නොගැනීමට ඔවුන් වගබලා ගනියි.
කෙසේ වෙතත්, බොහෝ හින්දු දේවාල කාන්තාව ඔසප් තත්ත්වයක නොමැති අවස්ථාවක ඊට ඇතුළු වීමේ වරදක් නොමැති බව පැවසුවත්, මෙම අර්බුදය ඇති වූ දේවාලය තුළ කාන්තාවන්ට කිසිදු අයුරකින් දේවාල භූමියට ඇතුළු වීමට අවස්ථාව නොදෙයි. ඉන්දියාව තුළ මෙවැනි නීතියක් ක්‍රියාත්මක වූ හින්දු දේවාල අතලොස්ස අතරට මෙයද ඇතුළත්ය.
කෙසේ වෙතත්, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තත්ත්වය වළක්වමින්, පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටද සමසේ ආගම ඇදහීමේ නිදහස පැවතිය යුතු බවට නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කරන ලදී.
කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුවෙන් පසුවද අදාළ දේවාලය කාන්තාවන් වෙනුවෙන් එහි දොරට වසා ඇති අතර, එහි ප්රකෝපකාරී බැතිමතුන් කාන්තාවන්ට ඊට ඇතුළු වීමටද අවකාශය ලබා නොදීමේ දැඩි අර්බුදයක් මතුව ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.