කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන චීනයේ වුහාන් නගරයේ සිට රැගෙන ඒමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන් එරට ක්‍රිස්මස් දූපතේ රඳවා තැබීමට බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව සති දෙකක කාලයක් වර්ග කිලෝමීටර් 2,000කින් යුතු මෙම දූපත තුළ ඔවුන් රඳවා නිරෝධායනය කිරීමට සැලසුම් කර ඇත. මෙම ක්‍රිස්මස් දූපත ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන් රඳවා තැබෙන ස්ථානයකි.
මේ අතර, එක්සත් ජනදය සහ ජපානය සිය පුරවැසියන් මේ වනවිටත් සිය රටවලට ගෙන්වා ගැනීම අරඹා ඇති අතර, ඔවුන් රැගත් යානා චීනයේ වුහාන් සිට පිටත්ව ගොස් තිබේ. මේ අතර, යුරෝපා සංගමයට අයත් රටවල පුරවැසියන්ද රැගෙන යමින් සිටින බව වාර්තා වෙයි.
මෙම වෛරසය යක්ෂයෙක් ලෙස ජනපති ෂී ජින්පිං හැඳින්වූවද, එය පරාජය කිරීමට චීනයට ශක්තිය ඇති බවද ඔහු අවධාරණය කළේය.
චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ විශේෂඥයෙකු සඳහන් කළේ මෙම වෛරසය පැතිරීමේ උච්ඡතම අවස්ථාවට ළඟාවීමට තවත් දින 10ක්වත් ගතවනු ඇති බවයි.