චීනයේ වුහාන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිට ඉන්දියාවට පැමිණි කේරළයේ සිසුවෙකුට කොරෝලා වෛරසය ආසාධිනය වී ඇති බව අනාවරණය වෙයි.
එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ කේරළයේදී පරීක්ෂාවට බඳුන් කළ ශිෂ්‍යාගේ ශරීරයේ කොරෝනා වෛරසය ඇති බව තහවුරු වූ බවයි.
මෙම ශිෂ්‍යා මේ වනවිට හුදකලා ස්ථානයක ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ තත්ත්වය ස්ථාවර වනතුරු දැඩි අධීක්ෂණයක් යොමු කරමින් කටයුතු කරන බවත් එරට සෞඛ්‍ය ආමාත්‍යාංශය වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර ඉන්දියාවේ රාම් මනෝහර් ලොහියා රෝහලේ කොරෝනා ඇති බවට සැකකෙරෙන රෝගීන් තිදෙනාට කොරෝනා වෛරසය නොමැති බවද තහවුරු වී තිබේ.