වුහාන් නගරය වෙත කෙරෙන පිවිසුම් වසා දැමීමේ විවාදාත්මක තීරණය සම්බන්ධයෙන් සමාව ගනිමින් තම ධුරයෙන් ඉල්ලා අස්වීමට වුහාන් නගරාධිපතිවරයා සූදානමින් සිටියි.
නගරාධිපති ෂෝ ෂියාන්වාන්ග් පවසා සිටියේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට මෙම ක්රියාව උපකාරී වන තාක්, තමන් සමාව අයැදීමක් ලෙස ඉල්ලා අස්වීමට කැමැත්තෙන් සිටින බවය.
වෛරසය පාලනය කිරීමේ ක්රමවේදයක් ලෙස නගරය වෙත සිදුකරන පිවිසීම් වසා දැමීමට වුහාන් නගර සභාව ගත් තීරණය සම්බන්ධයෙන් චීනයේ සී.සී.ටී.වී. රූපවාහිනිය කළ ප්රශ්න කිරීමක් හමුවේ නගරාධිපතිවරයා අදහස් පළ කළේය.