වසර මිලියන 43කට ඉහත මිහිතලය මත ජීවත් වූ පාද හතරක් ඇති තල්මසෙකුගේ ෆොසිලයක් පේරු රාජ්‍යයෙන් සොයා ගැනීමට හැකිවී තිබේ.
පාෂාණධාතුක විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට මෙම සාගර ජීවියා අඩි 13ක් පමණ දිගින් යුතු අතර, ජලයේ පිහිනා යෑමට මෙන්ම, ගොඩබිම ඇවිද යාමට හැකි ලෙස එම සත්වයාගේ ශරීරය සැකසී ඇති බව විශ්වාස කරයි.
මෙම පාද හතර මෙම සත්වයාගේ බර මෙන්ම, ශක්තිමත් වල්ගය දරාගැනීමට හැකි ලෙස පිහිටා ඇති බවත්, වර්තමානයේදී දැකිය හැකි බීවර් සහ ඔටර් යන සත්වයන්ට ඌ සමාන කළ හැකි බවත් විද්‍යාඥයෝ පවසති.
මෙම අපූර්ව සොයාගැනීම තල්මසුන්ගේ පරිණාමය මෙන්ම, එම සතුන් ව්‍යාප්තිය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් අලුත් පරිච්ඡේදයක් සඳහා ඉඩහසර ඇති කරනු ඇති බව විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.