අතීතයේදී මිහිමත ජීවත් වූ වානරයෙකුගේ දත් කුට්ටමක පොසිලයක් හමුවීමත් සමග ලොව විසූ දැවැන්ත වානරයන් පිළිබඳ අලුත් කතාබහක් ඇතිවී තිබේ.
ජයිගැන්ටොපිතෙකස් බ්ලැකී ලෙස නම් කරන ලද මෙම වානරයන් උසින් මීටර් 3ක් පමණ වන්නට ඇති බව විශ්වාස කරන අතර, ඔවුන්ගේ බර කිලෝග්‍රෑම් 600ක් පමණ වූ බව විශ්වාස කෙරෙයි.
චීනයේ උමං පද්ධතියක් තුළ තිබී මෙම වානර දත් කුට්ටුමේ පොසිලය හමුවී ඇති අතර, එය වසර මිලියන දෙකකට වඩා පැරණි එකක් බව විශ්වාස කෙරෙයි.
මෙම අරුම පුදුම වානරයන් වර්තමානයේ මිහිමත ජීවත්වන ඔරං උටන් සතුන්ට නෑකම් කියන බව පවසන විද්‍යාඥයන්, මෙය වානරයන් සම්බන්ධයෙන් වඩාත් සුවිශේෂී සොයාගැනීමක් බවද කියයි.