ඉන්දුනීසියාවේ වත්මන් අගනුවර වන ජකර්තාව අත්හැර, ඒ වෙනුවට බොර්නියෝ දූපතේ නැගෙනහිර කලිමන්තාන් ප්‍රාන්තයේ සිය අගනගරය නිර්මාණය කිරීමට ජනපත් ජොකෝ විඩෝඩෝ සූදානම් වෙයි.
භූ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ජකර්තා අගනුවර භූමියෙහි ඇතැම් කලාප වසරකට අඟල් 10කින් (සෙ.මී.25) ගිලා බසින බව ඇස්තමේන්තු කර ඇත.
වගුරුබිමක් වන වත්මන් ජකර්තා අගනගරය තුළ කෝටියක පමණ ජනතාවක් ජීවත් වන අතර, ඉන්දුනීසියාවේ අනාගත අගනුවර නාමය කුමක්දැයි යන්න තවමත් තීන්දු කර නොමැති බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම යෝජිත අලුත් අගනුවර ව්‍යාපෘතියට ඉන්දුනීසියානු මුදලෙන් රුපියා ට්‍රිලියන 466ක් (ඇ.ඩො.බිලියන 32.79ක්) වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
එහෙත් ජකර්තා අගනුවර පවතින වාහන තදබදය නිසා පමණක් එක් වසරකට රටේ ආර්ථිකය කෙරෙහි රුපයා ට්‍රිලියන 100ක පාඩුවක් සිදුවන බැවින්, මෙය යුගයේ අවශ්‍යතාවක් බව ඉන්දුනීසියානු බලධාරීහු පෙන්වා දෙති.