ඉන්දියාවේ ප්‍රමුඛතම රජයේ විශ්වවිද්‍යාලයක නේවාසිකාගාර ගාස්තු වැඩිකිරීමට එරෙහිව සිසුන් පොලීසිය සමග ගැටීමත් සමග එම තීරණය වෙනස් කරගැනීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ නේවාසික ගාස්තු වැඩිකිරීම යළි හකුලා ගැනීමට රජය තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත්, නේවාසික ගාස්තු 150%කින් වැඩිකිරීමට ගත් තීරණය වැරදි තීරණයක් නොවන බවද රජය පවසා තිබුණි.
නමුත්, මේ ආකාරයෙන් නේවාසික ගාස්තු ඉහළ නැංවීම දුගී සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට බාධාවක් බවට චෝදනා එල්ල විය.
ඉන්දියාවේ රජයේ විශ්වවිද්‍යාලවල නේවාසික ගාස්තු ලෙස මසකට ඉන්දියානු රුපියල් 2,000ක මුදලක් ගෙවිය යුතු අතර, එය පෞද්ගලික විශ්වවිද්‍යාල සමග සැසඳීමේදී ඉතා සුළු මුදලක් බවද කියැවෙයි.