ජපානයේ විශ්වවිද්‍යාල තුළ පහසුවෙන්ම කාන්තා ඇසුරක් ලබාගත හැකි විශ්වවිද්‍යාල ලැයිස්තුවක් ඉදිරිපත් කළ එරට පිරිමින් සඳහා වූ සඟරාවක් අදාළ ලිපිය සම්බන්ධයෙන් සමාව ගෙන තිබේ.
එම විශ්වවිද්‍යාල සිසුන් සංවිධානය කරන සාදවලදී වඩාත් පහසුවෙන් සිසුවියක් නොමනා ඇසුරකට පොළඹවාගත හැකි විශ්වවිද්‍යාල මෙම ලැයිස්තුවට ඉදිරිපත් කර ඇති අතර, පසුව මේ වෙත එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙන් මේ සම්බන්ධයෙන් සමාව ගැනීමට අදාළ සඟරාවට සිදුවිය.
මෙම විශ්වවිද්‍යාල සාදවලදී සිසුවියන් ඒ වෙත ගෙන්වා ගැනීම සඳහා අදළ වියදම් දැරීම සිසුන් විසින් සිදුකළ යුතු බව කියැවෙයි.
පසුගිය දෙසැම්බර් මස 25 වැනිදා කලාපයේ මෙම ලිපිය පළ කෙරී ඇති අතර, එම සඟරාව ජපානයේ විශ්වවිද්‍යාල සිසුවියන් අතර වඩාත් ජනප්‍රිය සඟරාවක් ලෙසද සැලකෙයි.