මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ සියලු ගුවන් ගමන් නැවත්වීමට තීරණය කිරීමත් සමග මගීන් රැසකටද අර්බුදයකට ලක්වීමට සිදුව තිබේ.
එම ගුවන් සමාගමේ වෙබ් අඩවිය පවසා තිබුණේ, ගුවන් සමාගම සිය ගුවන් මෙහෙයුම් අත්හිටවූ බවත්, සියලු ගුවන් ගමන් අවලංගු කළ බවත්ය.
ඒ අනුව, එහි ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි මගීන්ට වෙනත් ගුවන් සේවාවල සේවය ලබාගන්නා ලෙස ඉල්ලීමක් කර තිබුණි.
ගුවන් සමාගමේ මූල්‍ය අර්බුදයත් සමග ඔවුන් අලුත් ආයෝජකයෙකු සොයමින් සිටින බවත් විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ගුවන් මගීන් සඳහන් කර තිබුණේ, දැනටවත් වාවූ එයාර් සමග ගමන් කිරීමට ආසන වෙන්කරවාගෙන සිටි මගීන්ට මින් බලවත් අසාධාරණයක් සිදුව ඇති බවකි.