ඇමෙරිකාවේ ප්රමුඛ මෙගා චර්ච් මාදිලියේ ආගමික ආයතනයක් ලෙස සැලකෙන විලොව් ක්රීක් පල්ලියේ ප්රධාන දේවගැති තැනට එල්ල වී ඇති ලිංගික අපචාර චෝදනාව හේතුවෙන් එහි සියලුම පූජකයන් ඉල්ලා අස්වී තිබේ.
එම ආගමික ආයතනයේ ආදිකර්තෘ වන බිල් හයිබ්ල්ස් වෙත මෙම චෝදනා එල්ල වීම නිසා ඔහු මෙම වසර මුලදීම සිය ධුරයෙන් ඉවත්වීය. මේ තත්ත්වය හේතුවෙන් නිවේදනයක් නිකුත් කරන එම ආයතනය, නව ආරම්භයක් බලාපොරොත්තුවෙන් මෙම ඉල්ලා අස්වීම් සිදුකරන බව පවසා ඇත.
බිල් හයිබ්ල්ස්ට විරුද්ධව කාන්තා හිංසන චෝදනා රැසක් පවතින බව සඳහන් වුවත්, ඔහු ඒ සියලු චෝදනා ප්රතික්ෂේප කර ඇති බවද කියැවෙයි.
චිකාගෝ මූලස්ථානය කරගත් මෙම ආගමික ආයතනය ඇමෙරිකාව තුළ ක්රියාත්මක වන මෙවැනි ආකාරයේ පස්වැනි විශාලතම ආයතනය ලෙස සැලකෙයි.
මෙගා චර්ච් යනුවෙන් එම ආගමික ආයතන හැඳින්වෙන්නේ සෑම සතියකම 2,000කට වැඩි පිරිසක් ඒවායෙහි ආගමික වැඩසටහන් වෙනුවෙන් රැස්වන නිසාය.
කෙසේ වෙතත්, කාන්තාවන් කිහිප දෙනෙකුම බිල් හයිබ්ල්ස්ට චෝදනා කරන අතර, එම සිදුවීම් වර්ෂ 1990 සිට සිදුවූ කාන්තා හිංසනයන් හා අපචාර සිදුවීම් බව කියැවෙයි.