ඉතියෝපියාවේ ඔරෝමියා පළාතේ ඇති වූ වාර්ගික ගැටුම්වලින් මෙම සතියේදී පමණක් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉතියෝපියානු බලධාරීහු පවසති.
මියගිය පිරිස සම්බන්ධයෙන් මීට පෙර ලැබුණු දත්ත දෙගුණයක් වී ඇති බව සතිය අවසානයේදී විදෙස් වාර්තා පවසයි.
ඉතියෝපියාවේ ප්‍රකට ක්‍රියාධරයෙකු සහ මාධ්‍යවේදියෙකු වූ ජවාර් මොහොමඩ්ගේ ආරක්ෂකයන් ඉවත් කිරීමට එරට රජය කටයුතු කරනට බවට ඔහු අනාවරණය කිරීමත් සමග පසුගිය බ්‍රහස්පතින්දා යළිත් ප්රචණ්ඩ ක්‍රියා ඇවිලිණි.
එලැඹෙන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණ අභියසදී එරට අගමැති අබී අහමඩ් වාර්ගික ගැටුම් මැඬපැවැත්වීමට නොහැකිව දැඩි අර්බුදයකට ලක්ව සිටියි.
මේ අතර, ජවාර් මොහොමඩ් වාර්ගික ගැටුම් උත්සන්න කිරීමට හේතුවක් බව අගමැතිවරයා පවසයි.