වායු දූෂණයට නිරන්තරයෙන් නිරාවණය වීම ඔබේ මොළයේ ක්‍රියාශීලීත්වය අඩපණ කරන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
විශේෂයෙන්ම පුද්ගලයන්ගේ වයසත් සමග මින් සිදුවන බලපෑම වැඩි බව මෙම පර්යේෂණයට සම්බන්ධ චීන විද්‍යාඥයෝ පවසති.
එහිදී, විශේෂයෙන්ම පුද්ගලයන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියටද මෙය හානිදායක බව එම පර්යේෂණ ප්‍රතිඵල පෙන්වා දී තිබේ.
චීන - ඇමෙරිකානු ඒකාබද්ධ අධ්‍යයනයක් ලෙස මෙය සිදුකරමින් වසර හතරක කාලයක් චීන වැසියන් 20,000කගේ ගණිතමය හා භාෂා ඥානය මෙහිදී සැලකිල්ලට යොමුකර ඇත.
එහිදී, පර්යේෂකයන් පෙන්වා දෙන්නේ නාගරිකව ජීවත්වන 80%ක් පමණ ජනතාව දූෂණයට ලක්වූ වායුව ආග්‍රහණය කරන බවයි.
මේ තත්ත්වය තුළ ඔවුන්ගේ මොළයේ ක්‍රියාශීලීත්වය අඩු වෙමින්, එය මිනිසුන්ගේ බුද්ධි මට්ටම වෙතද බලපෑම් සිදුකරන බව මෙම අධ්‍යයනය තුළ පෙන්වා දී තිබේ.