කාලගුණ විපර්යාසයන්ගේ බරපතළ බව තවදුරටත් පෙන්නුම් කරමින් ඉතාලියේ වැනීස් නගරය දරුණු ජල ගැලීමකට ලක්ව තිබේ.
වසර 50ක ඉතිහාසය තුළ මෙම කලාපයට බලපෑ ඉහළම ජල ගැලීම ලෙස මෙය සැලකෙන බව වැනීසියේ නගරාධිපතිවරයා අවධාරණය කරයි.
ඔහු පවසන්නේ මේ තත්ත්වය රජය වහාම ඇහුම්කන් දිය යුතු අනතුරුදායක තත්ත්වයක් බවයි.
මෙය කාලගුණ විපර්යාසයන්ගේ ප්රතිඵලයක් බව පෙන්වා දෙන ඔහු, මේ වෙනුවෙන් විශාල වන්දියක් සියලු දෙනාට ගෙවීමට සිදුව ඇති බවද කියා සිටියේය.
සමස්තයක් ලෙස වැනීසියේ ජල මට්ටම අඩි 6ක් දක්වා ඉහළ නැග තිබුණු අතර, දූපත් 100කින් පමණ සෑදී ඇති වැනීසිය කලපුවක පිහිටා ඇත.
මෙම දත්ත් වාර්තා කිරීම ආරම්භ කළ 1923 සිට මීට පෙර මේ ආකාරයෙන් මුහුදු ජලය ගලා ඒම නිසා වැනීසියට දැඩි බලපෑමක් ඇතිව තිබුණේ වර්ෂ 1966 දීය.