වෙනිසියුලාවේ විරුද්ධ පක්ෂ නායක ජුආන් ගුආයිදෝ එරට අන්තර්වාර නායකයා ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමත් සමග ඇමෙරිකාව සමග සබඳතා අත්හරින බව වෙනිසියුලා ජනපති නිකොලාස් මදුරෝ පවසයි.
මේ අතර, ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන්ට පැය 72ක කාලයක් රටින් පිටවීම සඳහා ලබාදී ඇතැයිද ඔහු පවසා සිටියත්, හිටපු ජනපති (මදුරෝ)ට එවැනි විධානයක් ලබාදීමට කිසිදු බලයක් නොමැති බව ඇමෙරිකාව කියයි.
වෙනිසියුලාවේ කරකාස් නුවරදී පැවති දැවැන්ත රැලියකදී තමන් වෙනිසියුලාවේ ජනපති බවට ජුආන් ගුආයිදෝ පවසා සිටියේය.
එහිදී, මෙම නව නායකයාට සහාය පළ කරන ලෙස ඇමෙරිකාව එරට ආරක්ෂක අංශ වෙත දැනුම්දී තිබුණත්, ඔවුන් තවමත් මදුරෝට පක්ෂපාතීව සිටින බව විදෙස් වාර්තා පවසයි.
හියුගෝ චාවේස්ගේ හදිසි අභාවයත් සමග 2013 වසරේදී බලයට පත් මදුරෝ, පසුගිය මැයි මාසයේ පැවති ජනපතිවරණයෙන් දෙවැනි වරටත් ධුරයට පත්විය. කෙසේ වෙතත්, මෙම මැතිවරණය විරුද්ධ පක්ෂ විසින් වර්ජනය කළ අතර, දැවැන්ත මැතිවරණ දූෂණයක් සිදුවූ බවද සඳහන් විය.
මේ වනවිට වෙනිසියුලාවේ දැවැන්ත ආර්ථික අර්බුදයක් සිටින අතර, අතිඋද්ධමනයක්, විදුලිබලය කප්පාදුවක්, අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍යවල හිඟයක් දැකිය හැකිය.
එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ එරට තුළ දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ගුආයිදෝගේ නායකත්වයෙන් සංවිධානය වී ඇති අතර, මෙම උද්ඝෝෂණ අතරතුර රජයේ පාර්ශ්වයෙන් එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.