වෙනිසියුලාවේ පස්වැනි දිනටත් සිදුවන අඛණ්ඩ විදුලි කප්පාදුව නිසා පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා තබන ලෙස එරට රජය ඉල්ලීමක් කර තිබේ.
මෙම විදුලි කප්පාදුව පවතින කාලයේදී මේ වනවිට පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට විපක්ෂය චෝදනා කරයි.
මේ වනවිටත් දැඩි අර්බුදයකට ලක්ව ඇති වෙනිසියුලාව තුළ විදුලි කප්පාදුව පවතින සෑම පැයක්ම ජනතාව තුළ දැඩි බියක් හා සංකාවක් ඇති කර ඇති බව සඳහන් වෙයි.
විශේෂයෙන්ම, යතුරුපැදි කල්ලි විදුලි කප්පාදුව පවතින පවතින කාලය තුළ වීදිවලට වැදී මංකොල්ලකෑම් සිදුකිරීමද මෙම බියට හේතු වී ඇත.
මෙම විදුලි කප්පාදුව නිසා වෙනිසියුලාව තුළ අන්තර්ජාල පහසුකම්, ජංගම දුරකතන පහසුකම්, බැංකු, ක්‍රෙඩිඩ් කාඩ් යන්ත්‍ර ඇණහිට ඇති අතර, විදුලි උදුන්, ශීතකරණ හෝ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව සඳහන් වෙයි.