වෙනිසියුලාවේ රජයේ තෙල් සමාගම වන පීඩීවීඑස්ඒ වෙත සම්බාධක පනවමින් සාමකාමී බල හුවමාරුවක් පිළිගන්නා ලෙස ඇමෙරිකාව එරට හමුදාවට බල කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශන ජෝන් බෝල්ටන් පවසා සිටියේ ජනපති මදුරෝ හෝ ඔහුගේ සගයන්ට වෙනිසියුලානු ජනතාවට අයිති වත්කම් සූරාකෑමට තවදුරටත් අවස්ථාව නොලැබෙන බවයි.
මේ අතර, එරට විරුද්ධ පක්ෂය විසින් ජනපති මදුරෝ බලයෙන් නෙරපීම සඳහා ගෙනයන උද්ඝෝෂණ මාලාවද දැඩි කර තිබේ.
ඇමෙරිකාව ප්රමුඛව තවත් රාජ්‍යයන් 20ක් පමණ මේ වනවිටත් විරුද්ධ පක්ෂ නායක ජුආන් ගුආයිදෝ එරට අන්තර්වාර ජනපති ලෙස පිළිගෙන ඇත.
ඔහු පසුගියදා කරකාස් නුවර පැවති දැවැන්ත රැළියකදී තමන් රටේ අන්තර්වාර ජනපති ලෙස කියා සිටි අතර, වත්මන් ජනපති මදුරෝට බලයේ සිටීමට නෛතික අයිතියක් නොමැති බව කියා සිටියේය.
කෙසේ වෙතත්, තවමත් එරට හමුදාව මදුරෝ වෙත පක්ෂපාතීව කටයුතු කරන අතර, සිය බලය ආරක්ෂා කරගැනීම සඳහා පසුගිය දින ඔහු හමුදා කඳවුරුවල හදිසි නිරීක්ෂණ චාරිකාවකටද එක්විය.