වෙනිසියුලාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ වැල නොකැඩී පැමිණෙන සරණාගතයන් පාලනය කිරීම සඳහා බ්‍රසීලය සිය දේශසීමා සඳහා ආරක්ෂක හමුදා යොමුකර තිබේ.
බ්‍රසීල අගමැති මයිකල් ටර්මර් පවසා සිටියේ වෙනිසියුලාවේ ඇතිවී තිබෙන දැවැන්ත අර්බුදය සමස්ත දකුණු ඇමෙරිකානු කලාපයේම සාමයට තර්ජනයක් බවයි.
විශ්මය ඇති කරන උද්ධමන තත්ත්වය හමුවේ මිලියන ගණනක් වෙනිසියුලානුවන් මේ වනවිට සිය රට අත්හැර පළා යමින් සිටින අතර, රට තුළ ආහාර සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ දැඩි හිඟයක් ඇතිව තිබේ.
මෙහිදී බ්‍රසීල හමුදාවන් විසින් සිය දේශසීමා ආරක්ෂා කරන අතරතුරම වෙනිසියුලානු සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාවද තහවුරු කරනු ඇති බව බ්‍රසීලය පවසයි.
මේ අතර, අසල්වාසි පේරු රාජ්‍යයද සෞඛ්‍ය ක්ෂේත්රයේ දින 60ක හදිසි තත්ත්වයක් සිය උතුරු දේශසීමාවේ ඇති කර ඇති අතර, සංක්‍රමණිකයන්ගෙන් පැමිණෙන රෝගාබාධ පාලනය මෙහිදී මූලික කරගෙන තිබේ.