පිලිපීනයේ ටාල් ගිනි කන්ද විධාරණයට ලක්වීමත් සමග ඉන් ලාවා පිටවීම සිදුවෙමින් පවතින අතර බලධාරීන් අනතුරු අඟවන්නේ “අනතුරුදායක පිපිරීමක්” “පැය හෝ දින ඇතුළත” සිදුවිය හැකි බවයි.
අද පාන්දර වන විට ටාල් ගිනි කන්දෙන් පිටතට ලාවා ගලා යෑම ඇරඹුණු අතර, මෙම ගිනිකන්ද මැනිලා අගනුවරට කි.මී. 70ක් (සැතපුම් 45 ක්) දකුණින් පිහිටා ඇත.
ටාල් මීට පෙර විශාල වශයෙන් යමහල් අළු ප්රමාණයක් පිට කර ඇති අතර මේ හේතුවෙන් ප්රදේශයේ පුද්ගලයන් 8,000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට බලධාරීන්ට සිදුවිය.
ටාල් යනු පිලිපීනයේ දෙවැනි වඩාත් ක්රියාකාරී ගිනි කන්දයි. වැවක් මැද පිහිටි දූපතක පිහිටා ඇති මෙය ලොව කුඩාම ගිනි කඳුවලින් එකක් වන අතර, පසුගිය වසර 450 තුළ අවම වශයෙන් පිපිරීම් 34ක් වාර්තා වී තිබේ.
ගිනි කන්ද පිපිරීමත් සමග අනතුරුදායක සහ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
ඊයේ දිනෙය්දී ගිනි කන්දෙන් විශාල වශයෙන් යමහල් අළු නිකුත්වීම සිදුවූ අතර, ශබ්ද නගා කම්පනද වාර්තා විය.