විදෙස් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් ප්‍රථම වරට ඒ අවස්ථාවේදීම සෘජු පිළිතුරක් ලබාදීම මෙවර වියට්නාමයේ, හැනෝයි නුවරදී වාර්තා වූ සුවිශේෂී සිදුවීමකි.
ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර පැවති දෙවැනි ඓතිහාසික හමුවේ දෙවැනි දිනයේදී මෙම සිදුවීම වාර්තා විය.
වොෂිංටන් පෝස්ට් පුවත්පතේ ඩේවිඩ් නකමුරා විසින් එහිදී කිම් වෙත ප්රශ්නය යොමුකළ අතර, ට්‍රම්ප් සමග එකඟත්වයකට පැමිණීම සම්බන්ධයෙන් ඔබට විශ්වාසයක් පවතින්නේ දැයි ඔහු විමසා සිටියේය.
එහිදී, උතුරු කොරියානු නායකයාගේ භාෂා පරිවර්තකයා විසින් එම ප්රශ්නය ඔහුට යොමුකළ අවස්ථාවේදී, ඔහු ලබාදුන් පිළිතුර නැවත ඉංග්‍රීසි බසින් පරිවර්තනය විය.
එහිදී, කිම් පවසා තිබුණේ, එය පැවසීමට දැන්ම කල් වැඩි බවත්, කෙසේ වුවද තමන් සර්වශුබවාදියෙකු යැයි තමා නොකියන බවත්ය.